පුදුම පුවත්
Search

ලන්ඩන් බිග් බෙන් සිවුවසක් සන්සුන් වෙයි.

හැමෝම පාහේ දන්නා ලන්ඩන්හි ‘බිග් බෙන්‘ ඔරලෝසුව, සංචාරකයන් බහුලව ඇදගන්නා නිර්මාණයකි. ලන්ඩන් නුවර, වෙස්ට්මිනිස්ටර් මාලිගය හා බද්ධ ‘බිග් බෙන්‘ ඔරලෝසු කණුවෙන් විහිදෙන ‘බිග්බෙන්‘ රාවය ලොව පුරා පැතිරේ. මේ ජගත් ව්‍යාප්ත හඬ 2017 අගෝස්තු 21 වනදා නැවතුණේය. යළිත් ‘බිග් බෙන්‘ සිය රාවය අවදි කරන්නේ, තව අවුරුදු හතරකින් 2021 දී ය.

‘බිග් බෙන්‘ සීනුවේ බර ටොන් ටොන් 13.7 කි. එහි රාවය, ඩෙසිබල් මිම්මෙන් 118කි. බිග් බෙන් නිහඬ කොට තිබෙන්නේ එහි ප්‍ර‍තිසංස්කරණ කටයුතු කරන අයගේ කන් බේරා ගන්නටය. ‘බිග් බෙන්‘ ගේ හඬ නිසා එහි වැඩකරන මිනිසුන්ගේ කන් බිහිරි වීම වැළැක්වීමට ‘බිග් බෙන්‘ සන්සුන් කෙරුණේය.

බිග් බෙන් ඔරලෝසු කණුවේ උස අඩි 315 කි. මෙය බ්‍රිතාන්‍යයේ, ඉතාම වැඩිවාර ගණනක් ඡායාරූපගත කරන ලද ගොඩනැඟිල්ලයි. ප්‍ර‍තිසංස්කරණ වියදම ඇමෙරිකානු ඩොලර් තුන්කෝටි හැත්තෑ හත් ලක්ෂයකි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඇතැම් අය බිග්බෙන් රාවය නවත්වනවාට කැමැති නැත. ජනතාවගේ මානසික සුවය සඳහා බිග් බෙන් අත්‍යාවශ්‍ය යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේම්ස් ග්‍රේ පැවසුවේය. බිග් බෙන් රාවය අවසාන වරට ඇසුණේ ශ්‍රී ලංකා වේලාවෙන් අගෝස්තු 21 වනදා අපරභාග 05.30 ටය. බිග් බෙන් රාවය බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තු ජීවිතයේ අවියෝජනීය අංගයකැයි ඇතැම් මන්ත්‍රී වරු පැවසූහ.

අවුරුදු 157ක් මුළුල්ලේ, වේලාව දක්වමින් සිටි මේ ඔරලෝසුවට ‘බිග් බෙන්‘ යන නම ලැබුණේ ඒ කාලයේ රජයේ වැඩ පිළිබඳ කොමසාරිස් පදවිය දැරූ බෙන්ජමින් හෝල් ගේ නමින් යැයි සැළකේ. මෙය කලින් හඳුන්වා ඇත්තේ ‘ශාන්ත ස්ටීවන් කුළුණ‘ වශයෙනි. පසුව 2012 දී එය එලිසබෙත් කුළුණ යැයි නම් කෙරුණේ මහ රැජිණගේ දියමන්ති ජුබිලිය වෙනුවෙනි. මෙම ඔරලෝසු ස්ථම්භය තනන ලද්දේ චාල්ස් වැරී සහ ඔගස්ටස් පියුජින් නම් ඉංජිනේරුවරුන් විසිනි.

London Big Ben and traffic on Westminster Bridge

‘බිග් බෙන්‘ ඔරලෝසුවේ විශ්කම්භය අඩි 09 කි. එහි ඔරලෝසු කටුවක් මිනිසෙකුටත් වඩා උසය. හිට්ලර් විසින් ලන්ඩන් නගරයට දැඩි බෝම්බ ප්‍ර‍හාර එල්ල කළ ද, ඉන් පවා බිග් බෙන් නිහඬ කළ හැකි නොවීය.

 




%d bloggers like this: