පුදුම පුවත්
Search

ජලය සහ කාබන් ඩයොක්සයිඩ් අඩංගු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් සොයා ගැනේ.

1_e-diesel-Audi-750x400

තෙල් බලයෙන් මෝටර් රථ ධාවනය කරවීම අසීරු කාර්යයක් වන්නේ ඇයි දැයි ඔබ වෙත පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේවි. කෙසේ නමුත් අපගේ පෘථිවිය නමැති ග්‍රහලෝකයේ අනාගතය වෙනුවෙන් නව ඉන්ධන ප්‍රභවයක අවශ්‍යතාවය පිළිබඳ ව අප සියළු දෙනාම පූර්ණ එකඟතාවය දක්වනවා.

2_e-diesel-Audi

නුදුරු අනාගතයේදී තෙල් සමාගම් දැනට ඉතිරිව පවතින තෙල් සම්පත ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගනීවි. නමුත් පොදු ජනතාවගේ අදහස් සහ ආර්ථික බලවේග විසින් පුනර්ජනනීය බලශක්ති ක්‍රමයන් සඳහා නව ආයෝජන සිදු කිරීමට මෝටර් රථ සමාගම්වලට බල කරන බවක් වර්තමානයේ පෙන්නුම් කරනවා. වර්තමාන තත්ත්වය මේ අයුරින් උපකල්පනය කළ හැකියි. එමඟින් කුමන බලශක්ති ප්‍රභවයක් වාහන සඳහා යොදාගනු ඇත්දැයි අපට අලුත් ප්‍රශ්නයක් පැන නඟිනවා. මම නම් විශ්වාස කරන්නෙ එම ශක්ති ප්‍රභවය විද්‍යුතය කියායි. මා බොහෝ දුරට නිවැරදි විය හැකියි. නමුත් ජර්මානු මෝටර් රථ නිශ්පාදන සමාගමක් වන Audi සමාගම සතුව වෙනස්ම ආකාරයක අදහසක් තමයි පවතින්නෙ. ඒ තමයි නිවසේදීම සකස් කරගත හැකි ‘ඊ-ඩීසල්‘ නමැති  ඩීසල් ඉන්ධන ප්‍රභවයක් සම්බන්ධවයි.5_e-diesel-Audi

ඊ-ඩීසල් සම්බන්ධව පර්යේෂණ දියත් කරනු ලබන්නේ Sunfire නමැති ජර්මානු පර්යේෂණ කටයුුතු සිදු කරන ආයතනයක් විසිනුයි. මෙම නව ඉන්ධනය ජලය සහ කාබන් ඩයොක්සයිඩ් සංයෝජනය කිරීමෙන් සකස් කරගනු ලබනවා. ජල විච්ඡේදන ක්‍රමයෙන් ජලයෙන් හයිඩ්‍රිජන් වෙන්කර ගැනීමෙන් පසුව කාබන් ඩයොක්සයිඩ් සමඟ මිශ්‍ර කරගන්නවා. මේ සඳහා කාබන්ඩයොක්සයිඩ් ලබාගන්නේ සෘජුව ම වායුගෝලයෙන් වෙන්කර ගන්නා ලද හෝ ජීව වායු ඒකක වල නිපදවෙන කාබන්ඩයොක්සයිඩ් වායුව යි.

අධික උෂ්ණත්වයක් සහ පීඩනයක් යටතේ ඉහත ද්‍රව්‍ය මිශ්‍ර කිරීමෙන් ඒවා ප්‍රතික්‍රියා කර ද්‍රවයක් නිපදවනු ලබනවා. එය හඳුන්වන්නේ ‘නිල් බොරතෙල්‘ නමිනුයි. එම ද්‍රවය පිරිපහදු කිරීමෙන් ඉහත සඳහන් කරන ලද ඊ-ඩීසල් නිපදවා ගැනීමට හැකියි.

3_e-diesel-Audi

ඇත්තටම ඊ-ඩීසල් ඉන්ධන ප්‍රභවයක් ලෙස භාවිතා කිරීම නිසා සාම්ප්‍රදායික ගැසොලින් භාවිතයට වඩා වැඩි වාසි අත්කර දෙනවා. එනම් අඩු ඉන්ධන ප්‍රමාණයක් භාවිතා කරමින් වැඩි බලයක් ලබා දීමයි.  එමෙන්ම ඊ-ඩීසල් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස සැළකීමට හැකි වීමත්, කාබන් මුදාහැරීමේ ප්‍රතිශතය ඉතා අවම හෝ ශුන්‍ය මට්ටමේ පැවතීමත් එහි ඇති අමතර වාසි අතර මුල් තැනක් ගන්නවා.

4_e-diesel-Audi
Audi සමාගම විසින් ඉදිරි මාස කිහිපය ඇතුළතදී ඊ-ඩීසල් ලීටර් 3000 ක පමණ ප්‍රමාණයක් නිපදවීමට බලාපොරොත්තු වෙනවා.  මේ සඳහා Sunfire සමාගම එම ඩීසල් ලීටරයක් සඳහා යූරෝ 1-1.5 ක පමණ මුදලක් (දළ වශයෙන් ලීටරයකට රුපියල් 200 ක පමණ මුදලක්) අය කරනු ලබනවා. එපමණ මුදලක් වැය වීමට හේතුව එම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වැයවෙන අධික විදුලිය ප්‍රමාණය නිසයි.  ඊ-ඩීසල් ඉන්ධනය ඩීසල් එන්ජිමක් සහිත ඕනෑම වාහනයකට භාවිතා කිරීමට හැකි සුදුසු තත්ත්වයේ තියෙනවා. එමෙන්ම නුදුරේදීම සාමාන්‍ය ඩීසල් වලටත් වඩා අඩු මුදලකට ඊ-ඩීසල් ඔබටත් මිලදී ගැනීමට හැකියාව ලැබේවි.

මෙම සියළුම කරුණු Audi සමාගමේ මාධ්‍ය නිවේදනයක සඳහන්ව තිබූ බව මතක තබාගන්න. ඒ වගේම ඊ-ඩීසල් වෙළඳපොළට පැමිණෙන තෙක් අපි බලා සිටිමු. දැනට, ඔවුන් විශ්වාස කරනවා ඔවුන් දැන්වීම් මඟින් ප්‍රචාරණය සිදු කළ පරිදිම ඊ-ඩීසල් සංකල්පය යථාර්ථයක් බවට පත් වේවි කියා.

6_e-diesel-Audi

 




%d bloggers like this: