පුදුම පුවත්
Search

අවුරුදු 70ක් පුරා නොකා නොබී ජීවත් වෙන අධ්‍යාත්මික නායකයා

විවිධ විද්‍යාත්මක පර්යේෂණ මඟින් ආධ්‍යාත්මික නායකයෙකු වන ප්‍ර‍හ්ලාද් ජානි (Prahlad Jani) ජීවත් වන්නේ කිසිදු ආහාරයක් හෝ ජලය පවා නොමැතිව බව කිහිප වතාවක්ම ඔප්පු කර තිබෙනවා. 

ප්‍ර‍හ්ලාද් ජානි නමැති ආධ්‍යාත්මික නායකයාට අනුව, කිසිවක් අනුභව නොකරන අතර වසර 75 ක් පුරා ජලය පානය කර නැහැ. නමුත් පුදුමයට කාරණය වන්නේ ඔහු තවමත් ජීවතුන් අතර සිටීමයි. එපමණක් නොවෙයි. විද්‍යාත්මක පර්යේෂණ වලින් පවා ඔහු පවසන්නේ සත්‍යයක් බව තහවුරු වී තිබෙනවා.

මේ ආධ්‍යාත්මික නායකයාගේ කතාව අතිශයින්ම පුදුම සහගත සහ විශ්වාස කිරීමට පවා අපහසු කතාවක් ලෙස හැඳින්විය හැකියි. 1929 අගෝස්තු 13දින උපත ලැබූ ඔහු ඉපදී හැදී වැඩී තිබෙන්නේ ඉන්දියාවේ Mehsana දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ගමකයි. ඉතා කුඩා වියේදී නිවස අතහැර දමා යන මොහු සමාජයෙන් වෙන්වී වනගත වී තනිවම වාසය කිරීමට පටන් ගන්නවා. වයස අවුරුදු 11ක් පමණ වන විට ජානි විසින් අසීමාන්තික ආගමික රහස් ප්‍රමාණයක් එළිදරවු කරගැනීමට සමත් වෙනවා. ඒ වගේම හින්දු දෙව්දුවක් ලෙස සැළකෙන අම්බා දේවියගේ අනුගාමිකයෙක් බවටද පත් වෙනවා.

අම්බා දෙව් දුව වෙනුවෙන් කැපවීමට පෙර ජානි හින්දු කාන්තාවක ලෙසින් සාරි වැනි කාන්තා ඇඳුම් ඇඳීමට තීරණය කර තිබුණා. ඒ නිසාම ඔහු මාතාජී යනුවෙන් ආමන්ත්‍ර‍ණය කිරීමට මිනිසුන් පෙළඹුණා. මාතාජී යනුවෙන් හඳුන්වන්නේ ගෞරවණීය මෑණියෝ යන අර්ථයකිනුයි. ජානි විසින් දැඩිව විශ්වාස කළ දෙයක් තමයි දෙව් දුව විසින් අනුගාමිකයෙක් වශයෙන් ඔහුව තෝරාගෙන ඇත්තේ විශේෂ හේතු නිසා බවයි. ඒ අනුව අම්බා දෙව් දුව විසින් ඔහුට පවසා තිබෙන්නේ ඔහුගේ ආහාර පිඟානේ විවිරය පහළට සිටින සේ හරවා තබන ලෙසයි. ඒ අනුව ඔහුට ආහාර සහ ජලය නොමැතිව ජීවත් වීමට අවස්ථාව ලැබුණු බව ඔහු පවසනවා.

අප බොහෝ දෙනෙක් විශ්වාස කරන සහ අත්දැකීමෙන්ම දන්නා තරමින් වසර 70ක් දවස් කිහිපයක් නිරාහාරව සිටීම අතිශය අසීරු කටයුත්තක් වෙනවා. ඒ නිසාම ආධ්‍යාත්මික නායක ප්‍ර‍හ්ලාද් ජානි පිළිබඳ අවධානයෙන් පසු වෙමින් අධ්‍යයනය කිරීමට වෙනම ඉන්දියානු වෛද්‍යවරු කණ්ඩායමක් යොදවා තිබෙනවා. මෙම වෛද්‍ය කණ්ඩායම විශේෂ වන්නේ ඔවුන් මිනිසුන්ගේ විෂඹ හැසිරීම් රටා සම්බන්ධව සොයා බලන පිරිසක් වීමයි.

2003 වර්ෂයේදී ජානි හදිසියේම රෝහල්ගත කෙරෙනවා. මෙය වෛද්‍යවරුන්ගේ අධ්‍යයනයන් සඳහා හොඳ අවස්ථාවක් වූ බැවින් දින 10ක කාලයක් තිස්සේ පර්යේෂකයින් විසින් ඔහු වෙනම මුද්‍රා තබන ලද කාමරයක තබාගෙන අඛණ්ඩ අධීක්ෂණයකට ලක් කලා. මෙහිදී ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව එම දින 10ක කාලය තුළ ඔහු කිසිදු අවසථාවක වැසිකිලි යාම සඳහා ඉල්ලීමක් කර නැහැ. ඒ වගේම වෛද්‍යවරුන් සඳහන් කරන අන්දමට ඔහුගේ මුත්‍රාශය වෙත මුත්‍රා පැමිණීමෙන් පසුව ඔහුගේ ශරීරය විසින් මුත්‍රා නැවතත් ශරීරයටම අවශෝෂණය කරගැනීමක් සිදු වෙනවා. එමෙන්ම ජානිගේ ශරීරයේ කිසිදු භෞතික හානියක් පැවතී නැහැ. අසාමාන්‍ය දෙයක් වශයෙන් හඳුනාගෙන ඇති එකම දෙය වන්නේ ඔහුගේ තල්ලේ සිදුරක් පිහිටා තිබීමයි.

අහමදාබාද්හි වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වන ආචාර්ය උර්මාන් ධූරුවු ඉහත තත්ත්වය මෙසේ තහවුරු කරනවා.

අපගේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද ගෙවී ගිය දින දහය තුළදී ප්‍ර‍හ්ලාද් ජානි මහතා මුඛයෙන් කිසිදු දෙයක් ලබාගෙන නැහැ. ආහාර, යුෂ, දියර හෝ අවම වශයෙන් ජලය පවා ලබාගෙන නැහැ. එමෙන්ම ජානි මහතා විසින් මුත්‍රා පිටකිරීමක් හෝ මලපහ පිටකිරීමක් සිදු කර නැහැ.

කෙසේ නමුත් ජානි සම්බන්ධයෙන් සිදු කරන ලද එකම පර්යේෂණය මෙය නොවේ. 2010 වර්ෂයේදී තවත් වතාවක් ඉන්දියානු  Defence Institute of Physiology and Allied Sciences (DIPAS) සංගමයේ වෛද්‍ය සුධීර් ශාහ් සහ කණ්ඩායම විසින් අධ්‍යයන 35ක් සිදු කර තිබෙනවා. මෙහිදී මහත් ඕනෑකමකින් ඔහුගේ තත්ත්වය අවබෝධ කර ගැනීමට ඔවුන් උත්සුක වී ඇත්තේ යුධමය කටයුතු සඳහා කිසියම් ආධාරයක් ලබා ගත හැකි වේ යැයි විශ්වාසයකින් යුතුවයි.

ඔහු සම්බන්ධයෙන් සිදු කරන ලද විවිධ අධ්‍යයනයන් අතර ශරීරය ස්කෑන් කිරීම සහ රුධිර වාර්තා ලබා ගැනීමද සිදු කර තිබෙනවා. එහිදී පැය විසි හතරේ දැඩි පරීක්ෂාකාරී ලෙස දින 15ක කාලයක් තබාගෙන සිටියත් ප්‍ර‍තිඵලය පෙර පරිදිම ලැබී තිබෙනවා. එමෙන්ම ඔහුගේ වයසේ සිටින අනෙක් පුද්ගලයින්ට සාපේක්ෂව ඔහු ඉතා හොඳ සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවත් වන බව ඔවුන් වැඩිදුරටත් පවසනවා.




%d bloggers like this: