පුදුම පුවත්
Search

වසර 200ක් පැරණි ‘පඩ යුද්ධය’ ජපන් සිතුවම ‘He-gassen’

ගොඩක් දෙනා මේ පැරණි සිතුවම් දුටුවාම එක එක ජාතියෙ අදහස් ප්‍රකාශ කරනවා. ඇත්තටම වැසිකිලියක ඇඳ තිබූ වසර 200ක් පමණ පැරණි මේ සිතුවම් වල කාන්තාවන් සහ පිරිමින් ආයුධ භාවිතා නොකර සතුරා වෙත තම ගුද වාතය පිට කරමින් යුද්ධයක නිරත වන අයුරු දැක්වෙනවා. ඔය ගුද වාතය කියලා අතිශය සභ්‍ය විදිහට කියන එකට තමයි ඉතින් සාමාන්‍ය ව්‍යවහාරයේදි අපි පඩය කියා හඳුන්වන්නේ කියලා ඔබ දන්නවානෙ..

මේ කලාකෘතිය හඳුන්වන්නෙ ‘He-gassen’ (හෝ ‘fart battle’),  කියලයි. මේක සිංහලෙන් ගුද වාත යුද්ධය කියනවට වඩා ‘පඩ යුද්ධය’ කියන එක සරළයි කියලා හිතෙනවා. අපිට විහිළුවක් වගේ පෙනුනට, මේ සිතුවම් වල ගැඹුරු අර්ථය විමසා බැලුවොත් එවකට ජපානයේ දේශපාලනික හා සමාජයීය වෙනස්වීම් මෙමඟින් නිරූපණය වන බව කියැවෙනවා.

කෙසේ නමුත් මේ සිතුවම් ඇඳපු චිත්‍ර ශිල්පියාව කවුරුත් දන්නෙ නෑ. සමහරවිට කිහිප දෙනෙක් වෙන්නත් ඇති. මේ සිතුවම වෙනස් දර්ශන ගණනාවක් නිරූපණය කරනවා. ඒ වගේම එත් චරිතයක් තවත් චරිතයක් දෙසට කාන්තා පිරිමි භේදයකින් තොරව වේගයෙන් එල්ල කරන ගුද වාතයෙන් දෙවන චරිතය හානියට ලක් වෙන බව පෙන්නුම් කිරීම පොදු කරුණක් බව පේනවා.

Take that: The He-gassen scroll – which roughly translates to ‘fart competition’ or ‘fart battle’ – depicts various characters engaged in windy combat

Repelling the attack: In this frame, a line of attackers are having their efforts sent back in their faces by a pair of quick-thinking men with fans. The image, while amusing, hides a more sinister racial message

මෙම කලා කෘතිය සෙන්ටිමීටර් 29.6 ක් උසැති වන අතර දිගින් සෙන්ටිමීටර් 1,003.1 ක් වනවා. මේ චිත්‍රාවලිය මේ වන විට ඩිජිටල් මාධ්‍යයට පිටපත් කර පවතින අතර එය සිදු කර තිබෙන්නේ Waseda University Library විසිනි. මෙතැනින් ඔබට මෙම සම්පූර්ණ චිත්‍රයම දැක බලා ගත හැකියි.

Close shave: In this image, a combatant has his hat blown from his head in a narrow escape. The poor man in red, however, is being hit by the full gale-force brunt

සමහර අවස්ථාවල වාත ගඳින් බේරීමට අසරුවෝ හිස් ලූ ලූ අත දුවනවා. සමහර චිත්‍ර වල චරිත විසින් තම සතුරාට එරෙහිව නිකුත් කරන ගුද වාතය නිවෙස්වල බිත්ති වලින් ඇතුළටත්, දොරවල් සිදුරු කරනා තරම් වේගයෙන්ද ගමන් කරන බව පෙන්වා තිබෙනවා.

1603 සහ 1868 අතර කාලයේ ජපානය තුළ යුරෝපීයයන්ගේ අත පෙවීම් හා ඇඟලි ගැසීම් වැඩිපුර පැවතුණ කාලයක් වුණා. ඒ නිසා සුද්දා හෑල්ලුවට ලක් කිරීමට හෝ උපහාසයට ලක් කිරීම සිදු කිරීමට උත්සාහ කිරීමක් ලෙසත් මෙම සිතුවම් ගැන විග්‍රහ කළ හැකියි.

පුනරුද යුගයේ චිත්‍ර ශිල්පීන් තමන්ගේ සිතුවම් නිර්මාණය කිරීමේදී බැලූ බැල්මට නොපෙනෙන සැඟවුණු අර්ථයක් ගරබ් කිරීමට සමත් වුණා. එහෙමත් නැත්නම් හරියට කාටූන් චිත්‍ර ශිල්පියෝ දේශපාලන සිදුවීම් අලලා සිනහ ගැන්වෙන කාටූනයක් නිර්මාණය කරනවා වගේ.  ඉතින් මේ සිතුවම් වලත් අනිවාර්යයෙන්ම ගැඹුරු අර්ථයක් තිබිය හැකි බවයි විචාරකයන් පවසන්නේ.

Social comment: Like a modern-day cartoonist’s view of current events, the He-gassen scroll was a pointed depiction of Japan’s mistrust and displeasure at European influence in the country

What have they been eating? One of the more elaborate artworks in the scroll shows the ill-effects of the battle… a woman (left) has a scarf tied around her nose and a man (right) is holding his nose in discomfort

On for young and old: Women and men are caught up in the battle in this image, and the couple behind the upturned table clearly did not count on the awesome power of the central figure

මෙම සිතුවම් ඇඳ තිබෙන යුගයේදී ජපානයේ පාලකයා ලෙස සිටියේ Tokugawa shogunate වන අතර මේ සමය යුරෝපීයයන්ගේ සහ ක්‍රිස්තියානුවන්ගේ දැඩි පීඩාවන්ට ලක් වෙමින් තිබුණු කාලයක් ලෙස හැඳින්විය හැකියි.

17 වන ශත වර්ෂයේ මැද භාගයේදී ඉංග්‍රීසි වෙළඳුන් චීනයේ පමණක් තම වෙළඳාම් කටයුතු සිදු කලා. නමුත් ලන්දේසි පෙරදිග ඉන්දීයානු සමාගම වෙත අවසර තිබු‍ෙණ් ජපානයේ සීමිත ප්‍රදේශ කිහිපයක පමණක් වෙළඳාම් සිදු කිරීමටයි. අනෙකුත් ප්‍රදේශ වලට ඇතුල් වීම වාරණය කර තිබුණා.

ඒ කාලයේ වැරදිලාවත් යුරෝපීය කෙනෙක් අනවසරයෙන් ජපානයට ගොඩ බැස්සොත් අත්අඩංගුවට අරගෙන නඩු විභාගයකින් තොරවම මරණයට පත් කරන තත්ත්වයක් පැවතිලා තිබෙනවා.

දැන් අපට He-gassen සිතුවම් පෙල විහිළුවක් වගේ පෙනුනත් ජපනුන්ට නම් සුද්දාව කොතරම් නොරිස්සූ පිරිසක් වූවාදැයි පැහැදිලි වෙනවා.




%d bloggers like this: