පුදුම පුවත්
Search

මෙහෙම තැනක ඉඳන් ගේම් ගහන්න කැමතිද?

emperor-lx-640x670

අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙන, ඒ වගේම කාලයක් තිස්සේ මේ වගේ උපකරණයක් තමයි අපි සොයමින් හිටියේ. මේ තියෙන්නෙ ඩොලර් 40,000ක් වටිනා පරිගණකයට, පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වූවන්ට අතිශයින්ම සරිලන ජීවිත උපකාරක පද්ධතියක්. ඒ කියන්නෙ මේකෙ ඉඳගෙන වැඩ කරන අතරෙ තේ එකක් හදාගෙන බොන්න, කෙටි නින්දක් ලබන්න වගේ ගොඩක් දේවල් කරන්න පුළුවනි. ඒ වගේම මේකෙ තියෙන පරිලණක තිරයත් සුවිශේෂි එකක්. අඟල් 19 ප්‍රමාණයේ පරිගණක තිර තුනක් ඔබට ගැලපෙන උසකින් තබා ගත හැකි පරිදි එකතු කර තිබෙනවා. ඒවා ඔයාට කැමති විදිහකට සකස් කරගෙන තියාගන්නත් පුළුවන්. හොඳ ශබ්ධ පද්ධතියකින්ද සමන්විත අතර පරිසර උෂ්ණත්වය අනුව ඔබ ඉඳගෙන සිටින සුවපහසු ආසනය මඟින් අවශ්‍ය සිසිලස හෝ උණුසම ස්වයංක්‍රීයව ලබා දෙනවා.  මෙහි පවතින ආලෝකය ඇසට ගොඩක් සුවදායකයි. පිටතින් ඔබේ ඇස දෙසට තද දීප්තිමත් ආලෝකයක් පතිත වන බව දැනුනොත් මේ ආසනයට හැකියි ස්වයංක්‍රීයව එය මඟ හැරෙන ආකාරයට කැරකෙන්න. ඊට අමතරව මෙහි HEPA වායු පෙරහන් පද්ධතියකින්ද සමන්විතයි.

ඉතින් මේ සුපිරි උපකරණයේ නම තමයි The Emperor 200 Workstation. මේක පාවිච්චි කරපු අයනම් කියන්නෙ මේකට ගොඩ උනාම වෙනම ලෝකෙක ඉන්නව වගේ හැඟීමක් දැනෙනවලු.

emperor_200_2

සමහරවිට මේ උපකරණය අනාගතයේ පැමිණෙන ඉතා දියුණු උපකරණයක පෙරහුරුවක් වෙන්නත් පුළුවන්. සමහරවිට එවැනි යන්ත්‍රයක ඉඳගෙන සිටියදී ඔබේ මූසිකයේ බොත්තම කිහිපවිටක් එබීමෙන් ඔබට අවශ්‍ය ආහාර වේල සකසා ගන්නත් පුළුවන් වේවි. මේකෙදිත් උණුවතුර එකක්, තේ එකක් වගේ හදාගන්න පුළුවන්. ඒ සඳහා ම සැකසූ විශේෂ බඳුනකුත් ස්පර්ශ සංවේදී තිරයක් මඟින් පාලනය කළ හැකි වීමත් විශේෂයි.

emperor_200_1

ඔබට අතිශය සුවදායක ලෙදර් ආසනයක ඉඳගෙන ඉන්න අතරේ අවශ්‍ය ඕනෑම පැත්තකට හැරවීමේ හැකියාව පවතිනවා. ඔබට රස්නය වැඩිපුර දැනෙනවානම් මේ ආසනය ඔබට සිසිලස ලබා දෙනවා. සීතල වැඩි නම් උණුසුමත් ලබා දෙනවා.

emperor_200_3

.

emperor_200_17

සීරුමාරු කළ හැකි LED ආලෝක පද්ධතියක් මෙහි තිබෙනවා. එම ආලෝකය ස්වාභාවික සුදු ආලෝකයට සමාන බැවින් ඔබේ ඇසට අපහසුවක් ගෙන දෙන්නේ නැහැ. ඒ වගේම මෙහි පවතින ස්පර්ශ තිරය මඟින් ඔබට  අවශ්‍ය ඔ්නෑම සැකැස්මක් සිදු කිරීෙම් හැකියාව පවතිනවා.

emperor_200_16

මේ උපකරණය ගත්තම පරිගණකයක් නොමිලේ කියනවනම් නිවැරදියි මට හිතෙන්නෙ. ඒකට හේතුව විශේෂයෙන් සකසන ලද  Mac පරිගණකයක් මෙහි අන්තර්ගත කර තිබෙනවා. ඒත් ඔයාට ඕනෙනම් ඔයාගෙම ලැප්ටොප් පරිගණකය උනත් පාවිච්චි කරන්න පුළුවනි. නැත්නම් ආසනය පසුපස තිබෙන පෙට්ටියේ දාලා තියන්නත් පුළුවන්.

කලිනුත් කිව්වනේ මේකෙ සුපිරිම ශබ්ධ පද්ධතියක් තියෙනවා. ස්පීකර් කිහිපයක් සහ ආසනය යට කොටසේ සවි කර ඇති woofer එකකින්ද සමන්විතයි. මේ සියළුම ස්පීකර් පද්ධතියට සවි කළ ඒවා වෙනවා. එතකොට මේ උපකරණයත් ක්‍රියාත්මක වෙන්නෙ විදුලියෙන් ම තමයි. ඒත් හදිසියෙවත් කරන්ට් කැපුවොත් එහෙම? ඒකටත් මේකෙ විසඳුමක් තියෙනවා. ඒ තමයි මිනිත්තු 30 ක් දක්වා විදුලිය සැපයීමේ පහසුකම මෙහි තිබෙනවා. ඒ නිසා දත්ත වලට හානියක් සිදු නොවී ආරක්ෂිතව පරිගණකය ක්‍රියා විරහිත කිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා.

emperor_200_14

මේකෙ ගාණනම් ඉතින් ලේසි නැහැ. ඩොලර් 40,000ක් කියන්නෙ පොඩි ගාණක් ද? හැබැයි ඉතින් තව කල් ගිහිල්ලා අලුතෙන් දියුණු වෙනකොට මීට වඩා ගාණ අඩුවේවි. (ඒ කාලෙට තමයි ලංකාවට එන්නෙ.)

emperor_200

ඕන කෙනෙක් ඉන්නවනම් මේං මේ සයිට් එකට ගිහිල්ලා ගන්න එකයි තියෙන්නෙ –  MWE Lab.

emperor_200_17

 




%d bloggers like this: