පුදුම පුවත්
Search

සත්තුන්ගේ හැඩයට හදපු ලස්සනම ගොඩනැගිලි

තාක්ෂණය සමග අපි බද්ධව සිටියත් නෙතට විසිතුරු දේ දකින්නට තවමත් ඇත්තේ මහත් වූ රුචිකත්වයකි. ඒ නිසාම සාමාන්‍ය ආකාතියෙන් මිදී විවිධ හැඩතලයන්ගෙන් යුක්ත ගොඩනැගිලි ඉදිකිරීමට ලෝකයා දක්වනන්නා වූ කැමැත්තතට නිදසුන් කීපයක් මෙසේ ඔබ නෙත ඉදිරියේ දිස් වෙනු ඇත.

The Blue whale

ඔක්ලහෝමාවල පිහිටි මෙම පාලම 1970 ඉදි කරන ලද්දේ එක්තරා  පුද්ගලයෙක්  තම විවාහ සංවත්සරය වෙනුවෙන්ය. තල්මසෙකුගේ හැඩය ගත් මෙම පාලම අඩි 80 ක් දිගය. මෙය පසුකරන විට දර්ශණීය පොකුණක් හමු වේ. මෙහි තිබුන උරග උද්‍යානය 1988 වසරේදී වසා දමන ලදී.

giant Cola

ඔස්ට්‍රෙලියාවේ ඩැඩ්ස්වෙල් පාලම සහ වික්ටෝරියා නගරය අතර පිහිටි මෙම ඉදිකිරීම ග්‍රෑම්පියන්රේන්ජර්ස් සහ සෑම් යන පරිශ්‍රයන්හි පිවිසුම් දොරටුව ලෙසින් පිහිටා ඇත. කෝලා වලසුන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ තිබෙන පිලිගැනීම ඉහලය. මෙම සාප්පු සංකීර්නයෙන් ඔබට අවශ්‍ය මෘදු සෙල්ලම් බඩු, සිහිවටන වැනි විවිධ විසිතුරු දේ මිලට ගත හැකිය.

Fisheries deparatment

ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රදේශයේ මත්ස්‍යයෙකුගේ හැඩයට පිහිටි මෙම ගොඩනැගිල්ල ජාතික මත්ස්‍ය සංවර්ධන මණ්ඩලයේ නිල කාර්යාලය වේ. මෙම ගොඩනැගිල්ල නිල වශයෙන් විවෘත කරන ලද්දේ 2012 වසරේදීය. මෙම සිහිවටන ගොඩනැගිල්ලේ නිර්මාණශීලී දායකත්වය සපයන ලද්දේ ෆ්‍රෑන්ක් ජෙහී විසින්ය.

Lucky elephant

නිව්ජර්සි ජනපදයේ මාර්ගාටා නගරයේ පිහිටි මෙම ගොඩනැගිල්ල දැවයෙන් ඉදි කර ඇත. ඇට්ලන්ටා නගරයෙන් සැතැපුම් දෙකක් පමණ දකුණු දිගින් පිහිටා ඇත. 1881 වසරේ මෙම නිර්මාණයේ මුල් අයිතිකරු බවට පත්ව ඇත්තේ ජේම්ස් වී ලැනේටි යන කලාකරුවාය. එයින් අනතුරුව ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ඉදිරියේ මෙවන් ගෘහ නිර්මාණ කටයුතු වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය ලබා දෙන ලදී. මීටර් 19. 7ක උසින් යුක්ත මෙහි පළල 5.5 ක් වේ. මිලියනයක් පමණ දැව යොදා ගෙන ඇති මෙහි බර ටොන් 90 කි. ජනේල 200 ක් යොදා ගෙන ඇති අතර යකඩ සහ බෝල්ට් ඇණ ටොන් 4 ක් යොදා ගෙන ඇත. වර්ග මීටර් 12,000 ක වපසරියේ ඇති මෙම ගොඩනැගිල්ල ව්‍යාපාරික ස්ථානයක්, ආපනශාලාවක් ලෙසින්ද යොදා ගෙන ඇත. සිහිවටන පෝස්ට්කාඩ්වල මෙම ගොඩනැගිල්ලේ ඡායාරූපය යොදා ගෙන ඇත්තේ ” දි එලිෆන්ට් හොටේල් ඔෆ් ඇට්ලන්ටා” යන නමින්ය.

 

Big merino

ඔස්ට්‍රේලියාවේ පිහිටි බිග් මෙරිනෝ කොන්ක්‍රීට් කුලුන මීටර් 15. 2 ක් උසැතිය. මෙය ප්‍රදේශවාසින් විසින් හදුන්වනු ලබන්නේ රැම්බෝ යන නමින්ය. මෙම කුලුනේ බිම් මහලේ තෑගි සාප්පුවක් පිහිටි අතර දෙවැනි තට්ටුව වූල් මධ්‍යස්ථානයකි. කුළුන දිගේ ඉහලට යන සංචාරකයන් නගරයේ විසිතුරු දකින්නේ මෙරියෝගේ ඇසෙන්ය. 1985 වසරේ විවෘත කරන ලද මෙම කුළුන 1992 හියුම් අධිවේග මාර්ගයට පැවැති සම්බන්ධතාවය වෙනස් කරන ලදී. ඒ නිසා සංචාරකයන්ගේ පැමිණීමේ පසුබෑමක් ඇති වුන අතර නැවතත් 2007 වසරේ පටන් හියුම් අධිවේග මාර්ගයට සම්බන්ධ කරන ලදී

 

Fresh water Fishing hall of fame

විස්කොනසින් නගරයේ හේවාර්ඩ් ප්‍රදේශයේ පිහිටි මෙම ගොඩනැගිල්ල 1960 වසරේ ඉදිකරන ලද අතර 1976 වසරේ ප්‍රතිසංස්කරණය කරන ලදී.

බිග් ෂීප් වූල් ගැලරිය මිරිදිය මත්ස්‍යයෙකුගේ ආකෘතියට නිර්මාණය කරන ලද මෙම ගොඩනැගිල්ලේ පිහිටි මත්ස්‍ය කෞතුකාගාරයේ මත්ස්‍ය ආම්පන්න ප්‍රදර්ශණයට තබා ඇත. ගිනස් වාර්තා පොතටත් මෙම ගොඩනැගිල්ල ඇතුලත්ව තිබේ. මස්කි මත්ස්‍යයෙකුගේ හැඩය ඇති අතර  මෙම මත්ස්‍ය විශේෂය ඉතා බියකරුය. වසරකට මෙම කෞතුකාගාරය නරඹන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවනු ඇත.

 

Dog bark park inn

ඉදෝ නගරයේ පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල බීගල් බල්ලෙකුගේ ආකෘතිය ගෙන ඇත. බීගල් බල්ලන් මෙම රටේ වැදගත් සලකුණකි. ප්‍රදේශවාසින් මෙම ගොඩනැගිල්ල හදුන්වන්නේ ස්වීට් විලි යනුවෙන්ය. නිදන කාමර දෙකක් සහිත මෙම ගොඩනැගිල්ලේ සියලු සිහිවටන බල්ලකෙුගේ ආකෘතියට නිමා කර ඇත. ඩෙනිස් ජේ සුලියන් සහ ෆ්‍රැන්සිස් කොන්ක්ලින්ගේ නිර්මාණයක් වෙන මෙම හෝටලයේ පිහිටි නිදන ඇද ලෝකයේ බිගල් බල්ලෙකුගේ හැඩයෙන් යුක්ත විශාල ඇඳ වේ. මෙහි උදේ ආහාර වෙනුවෙන් වූ නව කොටසක් 2003 වසරේදී එක් කරන ලදී.

 

Elephant Tower

තායිලන්තයේ බැංකොක් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල මීටර් 102 ක් උසැතිය. කාමර 32 කි. ආචාර්ය ආරුන් චැසැරි සහ ගෘහ නිර්මාණ ශිල්පි ඔන්ග් ආර්ඩ් සැටරබන්ඩු විසින් නිර්මාණය කරන ලද ආකාතියට අනුව මෙහි ඉදිකිරීම් 1997 වසරේ අවසාන කරන ලදී. ලෝකයේ විශිෂ්ඨ කුළුණු අතර 20 වන තැනට මෙම නිර්මාණය පත්ව ඇත.

 

Big Bull

ඔස්ට්‍රෙලියාවේ වෝහෝපෝ ප්‍රදේශයේ පිහිටි මෙම ඉදිකිරීම ගවයෙකුගේ ආකෘතිමය හැඩයක් ගෙන ඇත. බිම් මහලේ සාප්පු සංකීර්ණයකි. 2007 වසරේ මෙම ‍කොන්ක්‍රිට් ඉදිකිරීමේ යම් ස්ථානයක පිපිරුමක් මතු විය.

 

Duck of Flanders

ප්‍රතිදීප්ත ගොඩනැගිල්ලක් වෙන මෙය පිහිටා ඇත්තේ නිව්යෝර්ක් නගරයේ ෆෙලන්ඩර්ස් ප්‍රදේශයයේය. 1931 වසරේ මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් වූ සංකල්පය ගොඩ නගන ලද්දේ මෙම ප්‍රදේශයේ ජීවත්වුන තාරා ගොවිපොල හිමිකරුවෙකු වූ මාර්ටින් මවුනර් විසින්ය. බිත්තර සහ තාරාවන් අලෙවිය වෙනුවෙන් ආරම්භ කරන ලද මෙම ගොඩනැගිල්ල 1997 වසරේ එරට ජාතික ස්ථානයක් ‍ලෙසින් ලැයිස්තුගතව ඇත. 2008 වසරේ නැවතත් මෙම ඉදිකිරීම ඉතිහාසගත උරුමයක් ලෙසට ජාතික උරුමයක් යැයි නම් කර ඇත. මීටර් 5.5 ක පළලින් සහ මීටර් 9.1 ක දිගින් යුක්ත අතර උස මීටර් 6.1 කි. ඇස්ෆෝඩ්  ආකෘතියේ විදුලි බල්බද යොදා ගෙන ඇත.

 

Kindergaten wolfarsweier

ජර්මනියේ කාල්ස්රූ ප්‍රදේශයේ පිහිටි මෙම ගොඩනැගිල්ල 2011 වසරේ ටොමි අන්ජිරියර් සහ අයිලා සුසෑන් යොන්ඩෙල් විසින් නිර්මාණය කරන ලදී. බළලෙකුගේ ආකෘතියට ඉදි කරන ලද මෙහි දොරට බළලාගේ මුඛය යොදා ගෙන ඇත. රැවුල් ගස්, නාසය ආදි අවයවයන් ඇති අතර ඇස් වෙනුවෙන් ජනේල යොදා ඇත. උදර ප්‍රදේශයේ පංති කාමර පිහිටි අතර වලිග ප්‍රදේශයෙන් පිටවිය හැක. වෙනත් ප්‍රදේශයන් වෙත යෑමේ පහසුවට පියගැටපෙලවල් පිහිටි අතර ප්‍රධාන ශාලාව ඇත්තේ හිස ප්‍රදේහයේය. දරුවන්ගේ ආකර්ශනය වෙනුවෙන් ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ල අධ්‍යාපනය වෙනුවෙන් යොදා ගත හැකි මෙන්ම වෙනස්කම් ගොඩනැගිය හැකි  විශිෂ්ට සලකුණක් සේ සැලකේ.

 

Big Sheep wool gallery

නවසිලන්තයේ ටිරාවු ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල බැටලුවෙකුගේ  හැඩරුව ගෙන ඇත. ස්ටීවන් ක්ලෝතියර් විසින් නිර්මාණය කරන ලද මෙම ගොඩනැගිල්ලේ කෞතුකාගාරයක් සහ සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටා ඇත. මෙහි ඇතුලතින් ඔබට අවශ්‍ය ඕනෑම වර්ණයකින්, වර්ගයකින් වූල් මිලට ගැනීමේ හැකියාව ඇත.

 

Lhemisferic

ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රදේශයේ පිහිටි සංස්කෘතික කටයුතු පිලිබඳ මධ්‍යස්ථානයකි. ටියුරියා ගංගාව අසබඩ පිහිටා ඇත. සැන්තියාගෝ කල්ර්‍ටාවා සහ ෆීලික්ස් විසින් මෙම ගොඩනැගිල්ලේ ආකෘතිය නිර්මාණය කරන ලදී. 1996 වසරේ ජූලි මාසයේ ආරම්භ කරන ලද ඉදිකිරීම් කටයුතු 1998 අප්‍රේල් මාසයේදී අවසාන විය.

 

The big Lobster

පොකිරිස්සෙකුගේ හැඩය ඇති මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ දකුණු ඔස්ට්‍රේලියාවේ ය. ප්‍රදේශවාසින් මෙම ගොඩනැගිල්ල හ‍ුන්වන්නේ ලැරී යන නමින්ය. උස මීටර් 17 කි. ආකර්ශනීය ආගන්තුක මධ්‍යස්ථානයකින් සහ ආපන ශාලාවක් ඇති මෙම ගොඩනැගිල්ල මහජනතාව වෙනුවෙන් 1979 වසරේ විවෘත කරන ලදී.

 

Kishi -station

ජපානයේ වෝකයාමා ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම දුම්රිය මධ්‍යස්ථානය පුද්ගලික සමාගමක් මගින් පාලනය කෙරේ. මෙය ඉදි කරන ලද්දේ මෙම ස්ථානයේ ගැවසුන බළලෙක් එම ස්ථානයේ මිය යෑමේ පුවත මුල් කර ගෙනය. මෙම දුම්රිය මධ්‍යස්ථානයෙන් ධාවනය වන දුම්රිය තුනක් ස්ට්‍රොබෙරි, ටාමා සහ ටෝයි යනුවෙන් නම් කරන ලද්දේ බළලුන්ග් නම් මුල් කර ගෙනය.

 

Longhorn grill

ඇරිසෝනා ප්‍රදේශයේ අමාදෝ ප්‍රදේශයේ පිහිටි මෙම ගොඩනැගිල්ල 1970 දශකයේ ඉදි කරන ලද්දකි. එය දොරටුවක් සේ ප්‍රවේශයකි. මෙම අං තට්ටුව ඇතුළතින් ඇවිද යා හැකි අවන්හලක් සහ තවත් ආපන ශාලාවන් වේ.

 

crocodile Hotel

ඔස්ට්‍රෙලියාවේ ජබිරු ප්‍රදේහයේ පිහිටි මෙ ගොඩනැගිල්ල කරදිය කිඹුලෙකුගේ හැඩයෙන් නිර්මානය වී තිබේ. මර්ක්‍යු කකාඩෝ කිඹුලාගේ හැඩ ඇති මෙම ගොඩනැගිල්ල ඇතුලත හෝටල් සංකීර්නයක් පිහිටා ඇත. ලැගුම්හල් සහිත මෙම හෝටල්වල නවාතැන් ගත් විට අවට පරිසරය ආකර්ශණීය දර්ශනයක් ලෙසින් අත්විදින්නට අවස්තාව ලැබෙන අතර ඉතා දරුශණීය ලෙසින් අභ්‍යන්තර හා බාහිර අලංකානයන් ඇත.

 

Conch shell house

සිප්පිකටු නිවස මෙක්සිකෝවේ පිහිටි මෙම සිප්පිකටු හැඩයේ නිවස ඉදි කිරීමට යොදා ගෙන ඇත්තේ පරිසර හිතකාමී ද්‍රව්‍යන් වීම විශේෂයකි. ප්‍රධාන කාමරය වෘත්තාකාරය. නාන බේසම, ඇදුම් රදවන ආදිය සඳහා හක්ගෙඩි යොදා ගෙන ඇත. නාන කාමර , නිදන කාමර, පිහිනුම් තටාක සහිත මෙම ගොඩනැගිල්ල වර්ග අඩි 5500 ක බිම් ප්‍රදේශයක් පුරා පැතිර ඇත.

– පුන්‍යා චාන්දනී ද සිල්වා

 




%d bloggers like this: