පුදුම පුවත්
Search

අන්තර්ජාලය කළඹන වීඩියෝවක් (ලීක්) කළ මොහු හඳුනනවාද?

මොහු එසේ මෙසේ පුද්ගලයෙක් නොවෙයි. අන්තර්ජාලය කළඹන වීඩියෝවක් ලීක් කරන ලද අයෙකි. එය ලස්සන තරුණ ගෑණු ළමයෙක් නාන කාමරයක නාන අවස්ථාවක ලබා ගන්නා ලද වීඩියෝවක්. මෙවැනි පුද්ගලයින් සමාජයෙන් වසන් කර තැබීම සිදු නොකළ යුත්තක් බව වීඩියෝව දකින ඔබට අනිවාර්යයෙන්ම දැනේවි. එබැවින් සමාජය හමුවට රැගෙන විත් නිසි සැළකිලි ලබා දීම සිදු කළ යුතු බව මාගේ හැඟීමයි.

අන්තර්ජාලය කැළඹු මෙම වීඩියෝවේ සිටින පෙම්වතා තම පෙම්වතිය සමඟ යහන්ගත වන ආකාරය රහසිගතව කැමරාවට හසුකරගන්නා අතර පසුව එය පෙන්වමින් තරුණිය අපහසුතාවයට පත් කිරීමට තැත් කරන බවක් පෙනේ. මෙහිදී එම තරුණිය විසින් තම මවට සියල්ල නොසඟවා පවසන අතර ඇය විසින් පෙම්වතා අමතා කරුණු පැහැදිලි කර දුන්නාය. කෙසේ නමුත් මෙම තරුණයා මෙම ක්‍රියාව දිගින් දිගටම සිදු කරන අතර අවාසනාවකට මෙන් ඔහු විසින් තම එක කුස උපන් සහෝදරිය නාන කාමරයේ සිටින විට ලබා ගන්නා ලද වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලය තුළින් දැකීමෙන් දැඩි කම්පාවටත්, සිත් තැවුලටත් පත් වී තිබේ.

 

එසේනම් වීඩියෝව ඩිලීට් කිරීමට පෙර පහතින් නරඹන්න.

 

වීඩියෝ එක බලපු ඔයාලට අමුත්තක් දැනෙන්න ඇති නේද? පුදුම.lk කවදාවත් නැතිව සාම්ප්‍රදායික ගොසිප් සයිට් එකක් වගේ කුණු රසය බෙදා හරින්න පටන් අරගෙනද කියලා හිතුණා නේද? නමුත් මෙවර වෙනස්ම ආකාරයක ලිපියක් පල කරන්න හිතුණේ වෙනස්ම ආකාරයක නැවුම් ගීත කලාවක් ගොඩනගන සැබෑ කලාකරුවෙක් ඔබට හඳුන්වා දීම වටිනවා කියා සිතුණ නිසයි.

ඔහු නමින් අමිල නිදහස දිසානායකයි. මේ ලිපිය ලිවීමට ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් හෝ ඔහු ගැන පෞද්ගලික තතු සෙවීමක් සිදු කළේ නම් නැහැ. නමුත් වර්තමාන ශ්‍රී ලාංකීය ගීතය ගලා යන දෙසට නොව උඩුගම් බලා පිහිනන්නෙකු සේ දැනුණු බව කිව යුතුමයි. එබැවින් පුද්ගලයා කවරෙකු වේවා ඔහුගේ නිර්මාණ වලින් සමාජයට ලබා දෙන පණිවිඩය සුළුපටු ඒවා නොවන බව නම් ඔබ වෙත නැරඹීමට ලබා දුන් මේ පළමු වීඩියෝවෙන්ම පැහැදිලි වන්නට ඇති.

 

ඇය එක්ක…
හරි ආදරෙන් ගත්තු පින්තූර…
ඇය තරහා වෙලා…
ගිය දවසේ ඔයා…
නිල්පාට අහසක් පුරා…
ඇය එකපාර තරුවක් කලා…
ආදරයේ ගැලපිල්ල නැතිනම්…
හැර යන්න පුලුවන් දුවටත් මගේ…
මතුදාක නුඹටත්
දියනියක හිටියොත්
ඒ දුවද මගෙ දු වගේ…
මවා ගන්න…
දෙන්නාම ගැහැණුන් ලොවේ…
ආදරයේ සැමරුම් බොහෝමැයි…
ඒවා තියා ගන්න හෘදේ දුවේ…

ඒ කරපු ඇරයුම්…
ප්‍රේමෙන් වුනානම්…
රාගෙන් මෙසේ නිම නොවේ…
මවා ගන්න
නුඹ දිනක මවකී ලොවේ…

මේ ගීතයේ ආසම කරන තැන තමයි “නිල්පාට අහසක් පුරා… ඇය එකපාර තරුවක් කලා…” කියන පද පෙළ. කෙල්ලගෙ වීඩියෝව ඉන්ටනෙට් එකට ලීක් කරා කියන ග්‍රාම්‍ය වාක්‍යය ඔහු ඉතාම සුන්දර ආකාරයට කියා ඇති අපූරුව…

 

කෙල්ල දාලා ගියොත් බෙල්ලෙ වැල දාගන්නම ඕනෙද?

තමන් ආදරේ කරපු පෙම්වතියගේ වියෝව දරාගත නොහැකිව විරහ ගී කොතරම් කියැවුණත් ලියැවුණත් තවමත් ගෙල වැළලාගන්නා සහ රේල් පීලි අතර තම ජීවිතය තොර කරගන්නා අය නැතුවාම නොවේ. තමන්ගෙ කෙල්ල දාලා ගියොත් අමිල නිදහස කලාකරුවා ගෙල වැලලා ගනීවිද? ඇත්තටම ඔහු එතරම් ලඳ බොළඳ අයෙකු නම් නොවෙයි. ඒකට තවත් හේතුවක් වන්නේ කවුරු දාලා ගියත් ඔහුට තමන්ගේ දෙමව්පියන්ගේ ආදරය අමතක කළ නොහැකි වීමයි. ඉතින් මේ ගීතය මඟින් ලබා දෙන ආදර්ශය වෙනත් කිසිදු විරහ ගීයකින් ලබා නොදෙන බව මාගේ හැඟීමයි.

ඔයා මට පොලු තියා…
ගියා කියා… නිසා…
මෙමා… ගෙල වැල දමා…
කුමටද? මට හිදී මව පියා…

ජීවිතය ලග
ආදරය මට
බොහොම පුංචි ලොවේ…
නුඹත් නැතිකොට
විදින්නට් තව
බොහෝ දේ ඇත ලොවේ…
මැණික් හොය හොය
පපුව හාරන
පතල්කරු මම නොවේ…

ඔයා මට පොලු තියා…
ගියා කියා… නිසා…
මෙමා… ගෙල වැල දමා…
කුමටද? මට හිදී මව පියා…

විරහවක් ලග
පිරිමියෙකි මම
කොන්ද හොදටම ඇති
සාගරය වගේ
කදුලු වගුරන
අදෝනා ගී නැති…
උඹත් බ්‍රෝ
මගේ
ගීය ලගදිම
ගයන බව නම් දනී…

මේ තරුණ කලාකරුවාගේ මා දුටු තවත් විශේෂත්වයක් වන්නේ ගීත රචනය, වාදනය සහ ගායනය යන තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන්නෙකු වීමයි.

 

මුදු වෙනුවට පෝරුවේදී ෆේස්බුක් පාස්වර්ඩ් මාරු කරන්න උනොත්..

 

ජීවත් වෙන්න හොඳම රට මොකක්ද?

 

පස් මහා බෑලුම් බැලූ
පුන්‍යවන්තයන් නෙලු
පස් කදන් රසේ ගිලු
මනු සොබාදමේ කිරු
හුස්ම දුන්නු මාගෙ අම්මා වාගෙ උන්නු මාගෙ මව් බිමේ

නීල පෑහැ ගොයම් කෙතේ
සාරවූ පොලෝ තලේ
අරිය ජල ශිරා බෝ මවාලා
අත් මතින් ලිහිල්වුනු
ධාන්‍යාදි පල දෑරු
කුසගිනි පුරා ගිනිතෑබු සොබා

නේක ඝණ්ඨා නාදයේ
ඒක නාදයක් ඇසේ
ලෝකවාසි දෙවිවරුන් ආවඩා
මුව පුරා  සිනා පිරූ හදපවා බොහෝ උනු
සන්වේදි මනුදමක් මෑවූ සුබා

ඔහුගේ තවත් නිර්මාණ රස විඳීමට ඔබ කැමති නම්,

අමිල නිදහස දිසානායක ෆේස්බුක් පිටුව – Amila Nidahasa Dissanayake “fakebook” දාන්න ලයික් එකක් ලෝබ නැතිව.

යූටියුබ් චැනලය පසුහඹන්න – Amila Nidahasa Dissanayake “fakebook”

 

ඔහුගේ තවත් සුන්දර නිර්මාණ රාශියක් අතරින් අවසාන වශයෙන් මේ ගීතය ඔබ හමුවට ගෙන ඒම වටිනවා කියා සිතෙනවා.

 

ඒ පෙති තොල් පෙති.

ඔහුගේම වචන වලින් ගීතය මේ විදිහට විස්තර කරන්නම්..

කසාදයට පස්සෙ දවසෙ, සැමියා මිය ගියාම, උපදින දරුවා තනිවම හදාගත්තු අන්ත දුප්පත් අම්මෙක්ගෙ සහ සල්ලි නිසා ළමයා නැතිකරගත්තු අම්මෙක්, මිය යන ඇත්ත කතා 2ක්….

 

ඒ පෙති තොල් පෙති අතරින්
ගලා ඇවිත් මගේ හිස මත වැදුනි
මවා උන්නු ලෝකය බොඳ වී
මවත් පුදුම … නෑ මං නො බනී

රැවුල් කෙදිතිවල මිහිරිය
කොපුල් බලා සිටියා මඟ
කුසයේ විඳි ඔබෙ මත් මිට
ඇකයේ හිඳ කයි ගුලි කර

කාසිවලට බරක් කියා
අම්මා එක්ක කතා වෙලා
වෙද ඇදුරන් හාද කරන්
මම නූපන් දරුවා කළා

ඒ පෙති තොල් පෙති අතරින්

කොළඹ හතේ ඉස්කෝලෙක
ඉගෙන ගන්න ඕනෙත් නෑ
තරුම හතේ මන්දිරවල
කෑම බීම ඉල්ලන්නෑ

කාසිවලට බරක් කියා
අම්මා එක්ක කතා වෙලා
වෙද ඇදුරන් හාද කරන්
මම නූපන් දරුවා කළා

 

එහෙනම් සිංදු ටික අහලම බලන්න.. ඇහුවොත් එක පාරක් ආපහු නොවැරදිම ඔයත් අහවි. මේ තමයි මේ නිර්මාණ ගැන රට්ටු කියන කතා..

 

 

 




%d bloggers like this: