පුදුම පුවත්
Search

ප්ලාස්ටික් සහල් සහ ඔබව මරා දැමිය හැකි තවත් ව්‍යාජ චීන ආහාර

ශ්‍රී ලාංකික අපි විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ පිරිසක් චීන ආහාර වලට විශේෂ කැමැත්තක් දක්වනවා. විශේෂයෙන්ම ඉන්දියානුවො ගොඩක් කැමතියි චීන ආහාර වලට. නමුත් සමහර අය චීන ලේබලේ ගහගෙන හොරට හදන චීන කෑම නිසා චීන අවන්හල් වලට දක්වන උනන්දුවත් කෙමෙන් අඩුවෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් බිස්නස් අඩු වෙද්දි තවත් අලුත් වැඩක් පටන් අරගෙන ජයටම කරගෙන යනවා කියලා ඔයාලත් දැනුවත් වෙලා ඇති. ඒ තමයි ලාභ අමුද්‍රව්‍ය යොදාගෙන කෘත්‍රිමව ආහාර ද්‍රව්‍ය නිපදවීම. ලාභ අමුද්‍රව්‍ය යොදාගන්නවනම් ආහාර වේල ගැන කතා කරලා වැඩක් නෑ කියලා තේරෙනවනේ.

මේ දවස්වල කට්ටිය ගොඩක් උනන්දු වෙන කාරණයක් තමයි ප්ලාස්ටික් සහල් කියන්නෙ. ඒ නිසා මේ විදිහට කෘත්‍රිමව හදල තියෙන්නෙ සහල් විතරමද? වෙන මොනාවත් කෘත්‍රිමව හදලා නැද්ද කියන ගැටලුව හිතට එනවා නේද?.

මතක නැද්ද මෙලමයින් සහිත කිරිපිටි එහෙම? මේ දේවල් හදපු චීනයටම පඩිසන් දුන්නේ කොහොමද කියනවානම් 2009 දී චීනයේ ළදරුවන් විශාල සංඛ්‍යාවක් මෙම කිරි පානය කිරීම නිසා මියගියා. මේ අවස්ථාවෙන් පස්සෙ තමයි චීනයේ නිෂ්පාදනය වන සින්තටික් ආහාර ගැන ලෝකයේ අවධානය යොමු වෙන්න පටන් ගත්තේ.

එවැනි කෘත්‍රිම (සින්තටික්) ආකාරයෙන් නිෂ්පාදිත හෝ කෘත්‍රිම සංස්ලේෂක ද්‍රව්‍ය අඩංගු ආහාර වර්ග 10ක් ගැන අවධානය යොමු කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙනවා. මේ අනුව මෙම ආහාර චීනයෙන් ආනයනය කිරීම හෝ ආහාරයට එක් කර ගැනීමට පෙර ඔබ දැනුවත් වී සිටීම වටිනවා.

1. බිත්තර.

මේ ගැනත් ඔබ මේ වන විටත් දැනුවත් වෙලා ඇත්නම් තේරෙනවා නේද ලාභය ලබා ගැනීමට මිනිස්සු තොච්චර නපුරු වැඩ කරනවද කියලා. මෙම කෘත්‍රිම බිත්තර නිපදවීමට යොදාගන්නේ ලාභ ජෙලටින් වර්ගයක්, කෘත්‍රිම ආහාර වර්ණක, ජලය සහ ඉටි කෝෂ යොදාගෙනයි. ඇත්තම බිත්තරේක කටුවේ තිබෙන්නේ කැල්සියම් කාබනේට් වුවත්, කෘත්‍රිම බිත්තර වල නම් තිබෙන්නේ කැල්සියම් කාබනේට් මිශ්‍රිත ඉටි කෝෂයක් කිව්වොත් නිවැරදියි. මෙවැනි බිත්තර ආහාරයට ගැනීම නිසා මතකය අඩු වීම සහ සරලවම කියනවානම් පිස්සු හැදෙන්නත් ඉඩ තිබෙනවා.

2. සහල්

බත් චීනයේත් ප්‍රධානතම ආහාරයක් බවට පත් වෙලා තිබෙනවා. මේ නිසාම ක්ෂණිකව මුදල් උපයන්නන්ගේ ජාවාරමක් බවට සහල් පත්වී තිබීම ශෝකජනක කාරණයක්. ව්‍යාජ සහල් නිෂ්පාදනය සඳහා අර්තාපල් සහ මරණය පවා ඇති කරවිය හැකි කාර්මික රෙසින යොදා ගනු ලබනවා. මෙවැනි සහල් වලින් සකස් කළ බත් පිඟන් තුනක් විතර කෑවොත් වගේ එක ප්ලාස්ටික් බෑග් එකක් අපිට කැවේවි. ඒක නම් එච්චර දෙයක් නෙවෙයි තමයි. නමුත් බරපතලම කාරණාව තමයි මේ නිසා පිළිකා තත්ත්ව ඇතිවීමේ දැඩි සම්භාවිතාවයත් පැවතීම.

3. වොල්නට්

චීනයේ Zhengzhou නගරයේ ඇති සමහර වෙළඳසැල් වල සිමෙන්ති පුරවන ලද වොල්නට් ඇට හමුවී තිබෙනවා. මේ අය සරල ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ. ඒ තමයි වොල්නට් ගෙඩියේ බීජය අයින් කරලා ඒකෙ කුහරය සිමෙන්ති වලින් පුරවනවා. සිමෙන්ති කියලා නොදැනෙන්න මේ රෑපයේ විදිහට ටිෂූ කඩදාසි වලින් ඔතලා තියෙන්නෙ. ඒ නිසා තමයි ඇතුලේ සිමෙන්ති තියෙනවා කියලා අනවශ්‍ය ශබ්ධයක් ඇති වීම වලක්වා ගන්නෙ. ඊටපස්සෙ සාමාන්‍ය ඇට වගේ පෙනෙන විදිහට සීල් කරලා හොඳ බීජ අස්සට දාලා මේවත් විකුණනවා. එතකොට නිකන්ම බර එහෙම වැඩිවෙලා තියෙන නිසා ලාභය වැඩියෙන් ලැබෙනවා.

4. හරක් මස්

හරක් මස් චීනයේ මිලදී ගැනීමට පැවතුණත් ඒවා අඩු මුදලකට නම් ලබා ගන්න අමාරුයි. ඒ වගේම හොයාගන්නත් ටිකක් දුර්ලභ දෙයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් දුර්ලභ දෙයක් අඩු මුදලකට ගන්න තියෙනවානම් මිනිස්සු කොච්චර සතුටු වේවිද? ඉතින් මේක ව්‍යාජ වෙළෙන්දන්ගේ ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ඔවුන් මුදල් ඉපයීමේ මාර්ගයක් බවට හරක් මස් නිෂ්පාදනය කිරීම කෘත්‍රිමව සිදු කිරීම නිසා අධික ලාභයක් ලබා ගැනීමත් ඒවා අනුභව කරන මිනිසුන් රෝගී වීමත් සිදු වෙනවා.

ඉතින් මේ කෘත්‍රීම හරක් මස් නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන්නේ අඩු මුදලකට පහසුවෙන් ලබා ගත හැකි ඌරු මස් යොදාගෙනයි. එයට හරක් මස් වල ඇති පෙනුම සහ රසය එක් කිරීමෙන් සාදාගනු ලබන අතර මෙම ක්‍රියාවලිය සඳහා මිනිත්තු 90 ක පමණ කාලයක් ගව මස් සාරයේ ගිල්වා තැබෙනවා. වෛද්‍යවරුන් පවසන අන්දමට මෙම කෘත්‍රීම ගව මස් ආහාරයට ගැනීම නිසා පිළිකා තත්ත්ව අවධානමක් සහ විෂවීම් ඇති වීම සිදුවිය හැකියි.

5. බැටළු මස්

තවත් කෘත්‍රීම මස් නිෂ්පාදනයක් ලෙස බැටළු මස් නිෂ්පාදනය දැක්විය හැකියි. මෙවැනි මාංශත් චීනයේ වෙළඳසැල් වල අඩු මිලට ලබා ගත හැකියි. ආහාර නිෂ්පපාදකයින් බැටලු මස් ලෙස සැකසීම සඳහා උපයෝගී කරගනු ලබන්නේ රසායනික ද්‍රව්‍ය යොදන ලද මීයන්, වඳුරන්, සහ වෘකයින්වයි. ටොන් 20,000 කට අධික ප්‍රමාණයක් E.coli බැක්ටීරියාව හමු වීම නිසා මේ වන විටත් එරට පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇතත් තවමත් මීයන්ගෙන් නිෂ්පාදිත ව්‍යාජ බැටලු මස් වෙළඳපලේ පවතින බව පැවසෙනවා.

6. වයින්

චීනයේ තවත් එක් ජනප්‍රියතම ව්‍යාජ නිෂ්පාදනයක් තමයි වයින් කියන්නෙ. ඉහල පැලැන්තියේ ධනවත් පාරිභෝගිකයින් මොවුන්ගේ ඉලක්ක බවට පත්වෙන්නේ ඇත්තම වයින් අධික මිලෙන් යුතු වීමත්, ව්‍යාජ වයින් එපමණ මිලෙන් යුතු නොවීම නිසා අධික ලාභයක් ලබා ගත හැකි වීම නිසයි. මෙම ව්‍යාජ වයින් අධික මිල පෙනුමැති බෝතල් වල අසුරා එවුවද ඒවායේ අඩංගු වන්නේ බාල පළතුරු යුෂ සහ ඇල්කොහොල් පමණි. හැදෙන ලෙඩ ගැන නම් හිතාගන්නවත් බැහැ.

7. මී පැණි

මෙච්චර ආහාර වර්ග ව්‍යාජ විදිහට සකස් කරන චීනෙ මී පැණි අතෑරලා නැති පාටයි. මී පැණි ලොව පුරා ඖෂධයක් ලෙස භාවිතා කිරීමට උනන්දු වෙන අවස්ථාවක එයින් ප්‍රයෝජන ගැනීමට සිතූ චීනා ව්‍යාජ මී පැණි සකසා තිබෙනවා. මේ අනුව චීන වෙළඳපලේ ව්‍යාජ මීපැණි වර්ග දෙකක් හඳුනාගන්න පුළුවන්. පළමුවැන්න හොඳ මී පැණි වලට සීනි, බීට්රූට් හෝ සහල් සිරප් මිශ්‍ර කර සෑදුවක්. දෙවැන්න සීනක්කාරම්, සීනි, වර්ණක සහ ජලය යොදාගෙන නිෂ්පාදනය කර තිබෙනවා.

8. ග්‍රීන් පීස් 

ඔයාලටත් මතකයිද බයිට් පැකට් එකේ තියෙන තද කොලපාට ඇට වර්ගය? ඒ ග්‍රීන් පීස් ඇටත් චීනයේ ව්‍යාජ විදිහට නිෂ්පාදනය වෙන්න පටන් අරගෙන. ඒ සඳහා යොදා ගැනෙන්නේ සොයා වැනි ලාභ බීජ වර්ග, කොළ පැහැති වර්ණක සහ metabisulfite නමැති රසායනික ද්‍රව්‍යයයි.

Metabisulfite නම් රසායනික ද්‍රව්‍යය භාවිතා කරන්නේ බ්ලීච් කිරීමට සහ කල් තබා ගැනීමේ කටයුතු සඳහායි. නමුත් ආහාර සඳහා මේවා යෙදීම තහනම් කොට තිබෙනවා. එයට හේතුව පිළිකා වැළඳීමට ඇති හැකියාවයි. එමෙන්ම ශරීරයේ කැල්සියම් අවශෝෂණය කළ හැකි ස්වභාවික හැකියාවට බලපෑම් එල්ල කරනවා.  ඒවා ව්‍යාජ ග්‍රීන්පීස් බව හඳුනාගැනීමට බැදීමෙන් පසු පුළුවනි. ස්වභාවික ග්‍රීන් පීස් බැද්දාම තද බවට පත් වෙන අතර ව්‍යාජ ඒවා අතිශය සැහැල්ලු බවක් ඇති වෙනවා.

9. මේස ලුණු

මෙච්චර සරල දේකුත් ව්‍යාජ විදිහට හදන්න ඕනෙද කියලත් ඔයාලට හිතේවි. ඔවු ඔවුන් මේස ලුණු වලටත් වැඩේ දීලා කියන්න තමයි වෙන්නේ. චීනයේ කාර්මික වශයෙන් නිෂ්පාදනය කරන ලුණු මහා පරිමාණයෙන් වෙළඳපලට නිකුත් කෙරෙනවා. මෙම ලුණු මානව පරිභෝජනයට නුසුදුසු සහ ඒවා භාවිතා කිරීමෙන් මානසික සහ විවිධ කායික ආබාධ හටගත හැකියි. විශේෂයෙන්ම තයිරොයිට් ග්‍රන්ථියේ ආබාධ, හෘද අකර්මණ්‍යතා සහ ආඝාත තත්ත්වයන් ඇතිවිය හැකියි.

10. ජින්සෙන් මුල්

ජින්සෙන් අල චීනය තුළ ප්‍රසිද්ධ ඖෂධීය ගුණයෙන් හෙබි වසර 3000ක් පමණ තිස්සේ පානයක් ලෙස සකස් කරගත් වටිනා ද්‍රව්‍යයකි. නමුත් වෙනත් භාණ්ඩ වල මිල මෙන්ම ජින්සෙන් අල වලත් මිල ශීඝ්‍රයෙන් ඉහල යන මේ වකවානුවේ සමහර වංචාකාරයින්ට වාසියක් අත් වෙලා තිබෙනවා. ජින්සෙන් අල විකිණීමේදී එහි බර අනුව මිල නියම වන බැවින් බර වැඩි කර ගැනීම සඳහා අල තැම්බීම සිදු කරනවා. මෙමඟින් අලයේ ඇති ඖෂධීය ගුණ වලට හානි සිදුවිය හැකියි. මෙම ක්‍රියාවලිය සඳහා සීනි සහ ජලය යොදා ගනු ලබනවා. ස්වභාවික ජින්සෙන් වල සීනි 20%ක් පවතින අතර ව්‍යාජ ජින්සෙන් වල 70% පමණ සීනි අඩංගු බව පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා.

මේ වීඩියෝවෙ දැක්වෙන්නේ කෘත්‍රිම ලෙස ව්‍යාජ ගෝවා සකස් කරන ආකාරයයි.




%d bloggers like this: